පාප්තුමෝ ඉස්ලාමීය ආගමික නායකයන් හමුවෙති



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ අබුඩාබි බලා පැමිණ සිටින ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් සහ ප්‍රධාන ඉස්ලාමීය පූජක අහ්මද් එල් තයේබ්තුමන් අතර විශේෂ හමුවක් පැවැත්විණි.

පාප්තුමකු අරාබි අර්ධද්වීපයේ රටකට සැපත් වුණු පළමු අවස්ථාව මෙයයි. ඉස්ලාමීය පූජක අහ්මද් එල් තයේබ්තුමන් ඇතුළු ඉස්ලාමීය ආගමික නායකයන්ගෙන් පාප්තුමන්ට උණුසුම් පිළිගැනීමක් හිමිවිය.

‘යුද්ධයෙන් කාටවත් සෙතක් නැහැ. අවසානයේ ලැබෙන්නේ අයහපත සහ මරණය පමණයි.’ යැයි පාප්තුමෝ එම හමුවේදී පෙන්වා දුන්හ. යේමනයේ, සිරියාවේ, ඉරාකයේ සහ ලිබියාවේ ගැටුම් සම්බන්ධයෙන් ද පාප්තුමෝ මෙහිදී කනස්සල්ල පළ කළහ.

පාප්තුමන් ඉස්ලාමීය පූජකයන් පමණක් නොව, වෙනත් ආගමික නායකයන් රැසක් ද හමුවී සාකච්ඡා පැවැත් වූ බව ද වාර්තා වේ. පාප්තුමන් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ සංචාරයකට පැමිණියේ පසුගිය 3 වැනිදාය.

අබුඩාබිහිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS