පාප්තුමා ෂියා ආගමික නායකයා හමුවෙයි



ඉරාකයේ තෙදින නිල සංචාරයක යෙදෙන ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් සහ ඉරාකයේ ෂියා මුස්ලිම් ආගමික නායක අයතුල්ලා අලී අල් සිස්ටානි හමුවී සාකච්ඡා පැවැත්වීය.

ආගමික නායකයන් දෙදෙනා අතර මෙම ඓතිහාසික හමුව පැවැත්වූයේ ඉරාකයේ නජාෆ් ශුද්ධ නගරයේය.  පාප්තුමකු සහ ඉරාක ෂියා මුස්ලිම් ආගමික නායකයකු අතර හමුවක් පැවැත්වුණු පළමු අවස්ථාව මෙයයි.

ඉරාකයේ ක්‍රිස්තියානු සුළුතරය සහ මුස්ලිම් ප්‍රජාව අතර සහජීවනය අවශ්‍ය බවත්, සැමදෙනා සාමයෙන් ජීවත් විය යුතු බවත් පාප්තුමන් සහ ෂියා ආගමික නායකතුමන් අතර සාකච්ඡාවට බඳුන් විය.

(අල් ජසීරා)


RECOMMEND POSTS