පාකිස්තාන සංචාරය අවසන්



පාකිස්තාන දෙදින නිල සංචාරය අවසන් කිරීමෙන් පසු සෞදියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් කුමරු ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට පැමිණීමට නියමිතය ඇත.

සෞදි කුමරුන් ප්‍රමුඛ දූත පිරිස පාකිස්තානයට පැමිණෙන්නේ  සෞදි ඇමැතිවරුන් පමණක් නොව, එරට ව්‍යාපාරිකයන් කණ්ඩායමක් ද ද පිරිවරා ගනිමිනි.

සෞදි කුමරුන් ඇතුළු දූත පිරිස උණුසුම් ලෙස පිළිගැනීමට ඉන්දීය රජය කටයුතු කටයුතු කරනු ඇතැයි ඉන්දීය පුවත් සේවා පෙන්වා දෙයි.

සල්මාන් කුමරුන්ගේ ඉන්දීය සංචාරය හෙට දිනයේ (20) අවසන් වෙයි.

ඉන්දීය සංචාරයෙන් පසු සල්මාන් කුමරු චීනය බලා යනු ඇති බව ද වාර්තා වේ. සෞදි කුමරු මෙම ආසියානු සංචාරයේ යෙදෙන්නේ, මාධ්‍යවේදී ජමාල් කශොග්ජී ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අවස්ථාවකදීය. සෞදි කුමරුන් පමණක් නොව, සෞදි රජය ද එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.

නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS