ප්‍රහාරය පසුපස ඉන්නේ ඉරානය



ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ පවසා ඇත්තේ, සෞදි තෙල් සහ වායු ගබඩා සංකීර්ණයට එල්ල වුණු ඩ්‍රෝන යානා ප්‍රහාරයට හවුති කැරැලිකරුවන් සම්බන්ධ නැති බවත්, හවුති කැරැලිකරුවන් අතකොළුවක් කර ගනිමින් ඉරානය ප්‍රහාරය එල්ල කළ බවත්ය.

ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයාගේ මෙම ප්‍රකාශය මුල්කොට ගනිමින්, සෞදිය සහ ඉරානය අතර පවතින පසමිතුරුකම් තවත් උත්සන්න වීමේ අවදානමක් පවතින බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. තමන් කිසිදු අවස්ථාවක යේමන කැරැලිකරුවන්ට සහාය දක්වන බව ඉරානය විසින් පිළිගනු ලැබ නැත.

(අල් ජසීරා)


RECOMMEND POSTS