ප්‍රහාරක යානයක් එකලස් කරයි



සෞදි අරාබිය සිය ප්‍රථම පුහුණු ප්‍රහාරක ජෙට් යානය එකලස් කර ඇති බව වාර්තා වේ.

අබ්දුල්ලාසිස් අල්-සවුද්ගුවන් කඳවුරේ පැවතිනව ගුවන් යානය එළිදක්වීමේ උත්සව අවස්ථාවට සෞදි කුමරු, නියෝජ්‍ය අග්‍රාමාත්‍ය, ආරක්ෂක ඇමති, මොහොමඩ් බින් සල්මන් බින් අබ්දුල්ලාසිස් අල්-සවුඩ් සහභාගි වී ඇත.

ගුවන්යානයේ 70%ක වැඩ කොටසක් සෞදි ජාතිකයන් නිම කර ඇති අතර ගුවන්යානයට අවශ්‍ය කරන බොහෝමයක් කොටස් සෞදි අරාබිය තුලම නිෂ්පාදනය කර ඇත.

අන්තර්ජාතික විශේෂඥයන්ගේ සහයෝගය ඇතිව දැනට වසර දෙකකට වැඩි කාලයක් තිස්සේ ගුවන්යාන 22ක් එකලස් කරමින් සිටින බව වාර්තා වේ.

සෞදි-බ්‍රිතාන්‍ය ආරක්ෂක සහයෝගිතා වඩසටහන යටතේ සෞදි තරුණ තරුණියන් 25 දෙනෙක්ට පුහුණුව ලබා දී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS