ප්රශ්න විසඳන්න එයි
ජෝර්දානයේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය විසදීම සඳහා කුවේට් අමීර් සෞදි අරාබියට පැමිණෙන බව වාර්තා වේ.
ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සෞදි අරාබියට පැමිණෙන ලෙස කුවේට් අමීර්, ෂෙයික් සාබා අල් අහමඩ් අල් ජබර් අල් සබාට, ජෝර්දානයේ අබ්දුල්ලා රජුට සහ අබුඩාබි ඔටුන්න හිමි කුමරු සහ එමිරෙට්ස් සන්නද්ධ හමුදා ප්රධානි, ෂෙයික් මොහොමඩ් බින් සෙයිඩ් අල් නහියන්ට සෞදි රජු, සල්මන් බින් අබ්දුලසිස් අල් සවුඩ්ආරාධනා කර ඇත.
ආර්ථික අර්බුදය විසදාගැනීමට ගත හැකි සියළුම ආකාරයේ ක්රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නායකයන් බලාපොරොත්තු වන අතර සාකච්ඡාවේ ප්රතිඵලය මත ඉදිරි කටයුතුතීරණය වන බව වාර්තා වේ.
ජානක ප්රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්)