ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන්න



ලෙබනනයේ සංචාරයකට පැමිණි ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, ලෙබනන ආගමික නායකයන් සහ දේශපාලනඥයන් හමුවී කියා සිටියේ, කඩිනමින් ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට කටයුතු කළොත්, ලෙබනනයට තව තවත් විදෙස් ආධාර ගලා එනු ඇති බවය.

පසුගිය 4 වැනිදා, බේරූට් නුවර වරායේ සිදුවුණු පිපිරුමෙන් පසු ලෙබනනයට ආර්ථික වශයෙන් කඩා වැටීමකට ලක් විය. එම බිහිසුණු පිපිරුමෙන් මියගිය ගණන 200 කට ආසන්න වූ අතර, තුවාල ලැබූ ගණන 4,000 කි. ලක්ෂ 3 කට වැඩි බේරූට් වැසියන් පිරිසකට උන්හිටිතැන් අහිමි වූහ.

බේරූට්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS