ප්‍රතිචක්‍රීකරන පද්ධතියක් ඉදිකරයි



සෞදි අරාබියේ රියාද් නුවර අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරන පද්ධතියක් ඉදිකිරීමට සැළසුම් කර ඇති බව වාර්තා වේ.

මෙම වසර අවසන් වනවිට පළමු අදියරයේ වැඩකටයුතු ආරම්භ කිරීමට සැළසුම් කර ඇති අතර රාජ්‍ය ස්වෛරී ධනය අරමුදල සහ සෞදි ආයෝජන ප්‍රතිචක්‍රීකරණ සමාගම ව්‍යාපෘතියේ මූලිකත්වය ගෙන කටයුතු කරයි.

අපද්‍රව්‍ය වර්ගීකරණ සහ ප්‍රතිචක්‍රීකරණ පහසුකම් ඉදිරි වසර තුන ඇතුළත ආරම්භ කිරීමට නියමිතව ඇති බව සෞදි ආයෝජන ප්‍රතිචක්‍රීකරණ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී,ජෙරොයින් වින්සන්ට් පැවසීය.

සියලු වර්ගවල අපද්‍රව්‍ය (කඩදාසි,ප්ලාස්ටික් සහ ලෝහ) ප්‍රතිචක්‍රීකරණය ලක් කර මාර්ග සහ නිවාස ඉදිකිරීමට භාවිතා කරන අමුද්‍රව්‍ය බවට පත් කිරීමට සමාගම අපේක්ෂා කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS