ප්‍රංශ ජනපති බේරූට් නගරයට



ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් බේරූට් නුවරට පැමිණියේය. බේරූට් පිපිරුමෙන් පසු, එරටට පැමිණි පළමු විදෙස් නායකයා ප්‍රංශ ජනාධිපති මැක්රොන්ය.

ප්‍රංශ ජනාධිපතිවරයා උණුසුම් අයුරින් පිළිගනු ලැබුවේ, ලෙබනන් ජනාධිපති මයිකල් එයුන් විසිනි. ජනපති මැක්රොන්, ලෙබනන් වරායට ගොස් පිපිරුමෙන් සිදුවුණු හානිය දැක බලා ගත්තේය.

ආදරණීයයන් මෙන්ම නිවස ද අහිමිවුණු බේරූට් වැසියන් කිහිප දෙනකු හමුවීමට ප්‍රංශ ජනාධිපති මැක්රොන් කටයුතු කළේය. එම අවස්ථාවේ ඔවුන් වැලඳ ගනිමින් ඔවුන් සැනසීමට ද ජනපති මැක්රොන් කටයුතු කළේය.

දෙවැනි ලෝක යුද සමයේ ලෙබනනය ප්‍රංශ යටත් විජිතයක් විය.

පැරිසියේදීය (රොයිටර්)


RECOMMEND POSTS