පළමු 5G සක්‍රීය මුර සංචාරක රථය



ඩුබායි පොලිසිය 5G සක්‍රීය ස්මාර්ට් මුර සංචාරක රථයක්  නිල වශයෙන් එළිදක්වා ඇති බව වාර්තා වේ.

මැදපෙරදිග සහ උතුරු අප්‍රිකානු කලාපයේ පළමු 5G සක්‍රීය ස්මාර්ට් මුර සංචාරක රථය වන අතර එටිසලාට් සමාගම සහයෝගය ලබා දී ඇත.

ස්මාර්ට් මුර රථය කෘත්‍රිම බුද්ධිය තාක්ෂණයෙන් සමන්විත වන අතර, අධි-තාක්‍ෂණික කැමරා 5G තාක්ෂණය හරහා ප්‍රධාන පාලන මැදිරයට කෙලින්ම සම්බන්ධ වේ.

ඩුබායි පොලිසිය සැමවිටම ආරක්ෂාව සහතික කිරීම සඳහා නවීනතම තාක්ෂණයෙන් විසඳුම් ලබාදීමට ක්‍රියාශීලීව උත්සාහ කරන බව කෘතිම බුද්ධි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, බ්‍රිගේඩියර් කලීඩ් නසාර් අල්-රසූකි පැවසීය.

ආරක්ෂක අංශයේ දත්ත වේගයෙන් හුවමාරු කරගැනීමට සහ ඉහළ තත්ත්වයෙන් යුත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන ලබාගෙන ප්‍රධාන පාලන මැදිරියට යොමු කර මුහුණ හඳුනාගැනීමේ තාක්ෂණයෙන් පුද්ගලයන්ව හැකි ඉක්මණින් හඳුනාගෙන ස්මාර්ට් මුර සංචාරක රථය වෙත දැණුම්දීමට හැකියාව ලැබෙන බව අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.

 ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS