පළමු සංචාරය සෞදියට



පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් පළමු නිල සංචාරය ලෙස සෞදි අරාබියට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින බව පකිස්ථාන තොරතුරු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

සෞදි සංචාරයේදි සෞදි රජු, සලමන් බින් අබ්දුල්ලාසිස් අල්-සවුද්, ඔටුන්න හිමි කුමරු, නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය, මොහොමඩ් බින් සලමන් බින් අබ්දුල්ලාසිස් අල්-සවුද් සහ මක්කම මහා පල්ලියේ ප්‍රධාන භාරකාරයන් හමු වීමට අපේක්ෂාවෙන් සිටින බව නිවේදනයේ සඳහන් කර ඇත.

අගමැතිවරයා සෞදි අරාබියට පැමිණීමෙන් පසු උම්රා ආගමික වතාවත්වල නිරත වන බව පකිස්ථාන තොරතුරු අමාත්‍ය, ෆාවාඩ් චෞද්‍රි ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS