පවුලක් අබිරහස් ලෙස මරා දමලා



පස්දෙනෙක්ගෙන් යුත් ඕමාන් පවුලක් අභිරහස් ආකාරයෙන් බිඩ්යා ආණ්ඩුකාර ප්‍රදේශයේ පිහිටි නිවස තුල මරා දමා ඇති බව වාර්තා වේ.

පියා වන හුමුද් අල් බුලූෂි, ඔහුගේ බිරිඳ සහ දරුවන් තිදෙනා සමඟ නිවස තුල මියගොස්සිටියදී පසුගිය බඳදා (ජුලි31) පොලීසිය සොයා ගෙන ඇත.

පස්දෙනාගේ මරණ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට පොලීසිය පියවර ගෙන ඇති අතර තොරතුරු ලබාදීමට පොලීසිය මෙතෙක්කටයුතු කර නොමැත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS