පවුලක්ම හොර උපාධි අරන්



කුවේටයේ ජීවත්වන එකම පවුලේ සාමාජිකයන් හතරදෙනෙක් හොර උපාධි ලබාගෙන ඇතිබව කුවේට් පොලීසිය ප්‍රකාශ කළේය.

මොවුන් අමාත්‍යාංශ කීපයක වැඩ කරන අතර රැකියාවේ උසස්වීම් සහ මුල්‍යමය වාසි ලබාගැනීම සඳහා හොර උපාධි ලබාගෙන ඇත.

වෙනත් රටක ජීවත්වන අරාබි ජාතිකයෙක් හොර උපාධි ලබාගැනීම සඳහා උදව් කර ඇති බව මුලික විමර්ශනවලදී පොලීසියඅනාවරණය කරගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා දරුවන්ද අත්අඩංගුවට ගත් බව පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS