පලස්තීන වැසියන්ට පිටුපාන්න බෑ



පලස්තීන වැසියන්ට පිටුපෑම ඇමෙරිකාවට කිසිසේත් කළ නොහැකි යැයි මෙම වසරේ පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානම් වන ඩිමොක්‍රටික් පාක්ෂික බර්නි සැන්ඩර්ස් කියයි.

සැන්ඩර්ස් මේ බව කියා සිටියේ නෙවාඩාහි පැවැති ජන රැලිය අමතමිනි. ඇමෙරිකා ජනධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, ඊශ්‍රායල හිතවාදීයෙකි. ජනපති ට්‍රම්ප් පලස්තීනුවන්ට වඩා ඊශ්‍රායලයට වැඩියෙන් සහාය දක්වයි.

ඩිමොක්‍රටික් අපේක්ෂක බර්නි සැන්ඩර්ස් කියා සිටියේ, ඇමෙරිකාව ඊශ්‍රායල හිතවාදී සේම පලස්තීන හිතවාදී රාජ්‍යයක් විය යුතු බවය. පලස්තීන වැසියන් වෙනුවෙන් ද ඇමෙරිකාව පෙනී සිටිය යුතු බව සැන්ඩර්ස් ජන රැලිය අමතමින් අවධාරණය කළේය.

(අල් ජසීරා)


RECOMMEND POSTS