පලස්තීනුවන් 4 ක් වෙඩි පහරින් මරුට



ඊශ්‍රායල හමුදාව එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පලස්තීනුවන් හතර දෙනෙක් ගාසා තීරයේදි ජිවිතක්ෂයට පත් වු බව ඊශ්‍රායල හමුදාව නිවේදනය කළේ ය. 

ඊශ්‍රායල හමුදාව දෙසට අත්බෝම්බයක් එල්ල කිරීමට එක් පුද්ගලයෙක් උත්සහ කළ අවස්ථාවේදි එල්ල කළ ප්‍රතිප්‍රහාරවලින් පලස්තීනුවන් හතර දෙනාජිවිතක්ෂයට පත් වී ඇත.

රාජකාරි කටයුතු අවසන් කරබටහිර ඉවුරේ රැදි සිටි ඊශ්‍රායල සොල්දාදුවන් දෙදෙනෙක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් පලස්තීනුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළේ ය.

පලස්තීන ජනාධිපති, මහමූද් අබ්බාස් ජලාසෝන් අනාථ කඳවුරේ සංචාරය කර ඇති බවත් එය කලාතුරකින් සිදු වු දෙයක් බවටඊශ්‍රායල්හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ජෙරුසලම)

RECOMMEND POSTS