පලස්තීනයට භාරකාර රජයක්



පලස්තීන අගමැති රාමී හම්දල්ලා සහ ඔහුගේ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමත් සමඟ පලස්තීනයට භාරකාර රජයක් පිහිටුවීමට එරට ජනාධිපති මොහොමද් අබ්බාස් පියවර ගත්තේය.

භාරකාර රජයේ අගමැති ලෙස පසුව ජනාධිපති අබ්බාස් විසින් පත් කරනු ලැබුවේ ද අගමැති ධුරයෙන් ඉවත් වුණු රාමී හම්දල්ලාය. නව රජයක් පත් වන තුරු රාමී හම්දල්ලා භාරකාර අගමැතිවරයා ලෙස කටයුතු කරනු ඇතැයි පැවැසෙයි.

පලස්තීනුවන් වාසය කරන්නේ බටහිර ඉවුරේ සහ ගාසා තීරයේය. 2007 වසරේ දී ගාසා තීරය හමාස් සංවිධානයේ පාලනයට නතු වීමෙන් පසු, හමාස් සහ ෆාටා සංවිධාන අතර දෙපාර්ශ්වය අතර මත ගැටුම් පවතී. ජනාධිපති අබ්බාස් සහ ෆාටා සංවිධානය බටහිර ඉවුර පාලනය කරන අතර, හමාස් සංවිධානය ගාසා තීරයේ රජයක් පිහිටුවා ඇත.

ජෙරුසලමේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS