පරිගණක ක්‍රීඩාව ජිවිතයක් බිලි ගනියි



සෞදි අරාබියේ බිෂා නගරයේ වයස අවුරුදු 17 ගැහැණු දරුවෙක් පරිගණක ක්‍රීඩාවක් හේතුවෙන් දිවිනසා ගෙන ඇති බව වාර්තා වේ.

දිවිනසා ගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කිරීමට සෞදි මහජන නීති කාර්යාලය පියවර ගෙන ඇත.

“PlayerUnknown'sBattleGround (PUBG)’’ නැමැති පරිගණක ක්‍රීඩාව දරුවාගේ මරණයට හේතු වී ඇති බවට මියගිය දරුවාගේ පියා චෝදනා කරයි.

දරුවාට ශාරීරික හෝ මානසික රෝගයත් නොතිබු බවත්, දරුවන් පරිගණක ක්‍රීඩා කරන අවස්ථාවන්වලදී අවධානයෙන් සිටින ලෙස මියගිය දරුවාගේ දෙමාපියන් අනිකුත් දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

දැරියගේ සිරුර නිවසේ සිවිලිමේ එල්ලී තිබියදි ඇගේ බාල සොහොයුරිය සොයාගෙන ඇත.

අධික ලෙස පරිගණක භාවිතා කිරීම රෝග ගණනාවකට හේතුවන බවට පරියේෂකයන් පිරිසක් සොයාගෙන ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, බීෂා නගරය)

RECOMMEND POSTS