නේවාසික වීසා 102,280ක් ඉවතට



විදේශ ශ්‍රමිකයන් එක්ලක්ෂ දෙදහස් දෙසිය අසූවකට නේවාසික වීසා අහිමි වී ඇති බව වාර්තා වේ.

වසර හතරක (2015-2018) කාලයක් තුල අදාල විසා ප්‍රමාණය අවලංගු කිරීමට කුවේට් බලධාරීන්ට සිදුව ඇත.

2018 වර්ෂයේ පමණක් රාජ්‍ය සහ පෞද්ගලික අංශවලට අයත් විදේශ ශ්‍රමිකයන්ගේ නේවාසික වීසා දෙදහස් පන්සිය එකක් අවලංගු කිරීමට සිදු වී ඇති බව වාර්තා වේ. 

2017 වර්ෂය හා සංසන්දනය කිරිමේදි 2018 වර්ෂය තුල පෞද්ගලික අංශයේ අවලංගු කළ වීසා ප්‍රමාණය 16,141 සිට 15,734 දක්වා අඩු වී ඇත.

අරාබි නොවන රටවල්වල ශ්‍රමිකයන් 63%ක් වන අතර 32 %ක් අරාබි රටවල්වල වේ.

දැනට කුවේටය තුල නේවාසික වීසා ලබා සිටින විදේශ ශ්‍රමිකයන් සංඛ්‍යාව 1,531,000 වේ.

ආසියාතිකයන් 957,000ක්, 549,000ක් අරාබි ජාතිකයන් වන අතර ඉතිරි ශ්‍රමිකයන් ඕස්ට්‍රේලියාව,අප්‍රිකානු සහ පැසිපික් රටවලින් වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS