නෙදන්යාහු ඉදිරියෙන්



ඊශ්‍රායල මහ මැතිවරණයෙන් අගමැති බෙන්ජමින් නෙදන්යාහු ප්‍රමුඛ අන්ත දක්ෂිණාංශික ලිකුඞ් පක්ෂය ජයග්‍රහණය කළේය.

වසරක කාලයක් ඇතුළත ඊශ්‍රායලයේ පැවැති තෙවැනි මහ මැතිවරණය මෙයයි. ඊයේ (2) පැවැති මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම සිදුවිය.

අගමැති නෙදන්යාහුගේ ලිකුඞ් පක්ෂය සහ ලිකුද් පක්ෂයට සහාය දක්වන සෙසු දේශපාලන පක්ෂ ආසන 59 කට වැඩි සංඛ්‍යාවක් දිනා ගනු ඇති බව ප්‍රතිඵල නිකුත් වෙද්දී පෙනී ගියේය.

ඊශ්‍රායලයේ මීට පෙර අවස්ථා දෙකකදී මැතිවරණ පැවැත්වූයේ නෙදන්යාහුගේ ලිකුඞ් පක්ෂයට බහුතරයක් නොමැති වූ බැවිනි. ලිකුඞ් පක්ෂය සෙසු දේශපාලන පක්ෂ හවුල් කර ගනිමින් සන්ධාන රජයක් පිහිටුවත්, එය අස්ථාවර විය.

ඊශ්‍රායලයේ මහ මැතිවරණයක් පැවැත්වූයේ එරට කොරෝනා වයිරසය පැතිරෙද්දීය. ඊශ්‍රායලයෙන් හමුවී ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 12 කි.

ඊශ්‍රායල වැසියන් ඡන්ද පොළට ගියේ මුඛ ආවරණ පැළඳගනිමිනි. මැතිවරණ බලධාරීන් ද මුඛ ආවරණ පැළැඳගෙන මැතිවරණ රාජකාරිවල නියැලුණු බව ද වාර්තා විය.

(රොයිටර්)


RECOMMEND POSTS