නිවාස 11,000 ක් ඉදිකරයි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේනිවාස 11,000ක් 2019 වර්ෂය තුල සාදා නිම කිරීමට සැළසුම් කර ඇති බව වාර්තා වේ.

රට තුල වේගවත් සංවර්ධනයක් ඇති කිරීමේදි ඇති වන නිවාස ප්‍රශ්නයට පිළියමක් ලෙස සහ සංවර්ධනයට දායක වන විදේශ ආයෝජකයන්ට සුව පහසු නිවාස ලබාදීම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වී ඇත. 

අබුඩාබියේ නිවාසවල මිල ගණන් සහ කුලිය පහළ යෑමේ ප්‍රවනතාවය 10% ක් වන බව වාර්තා වේ.

විවිධ වර්ගවලට අයත් නිවාස 6,200 2018 වර්ෂය තුල ඉදිකර අවසන් කිරීමට කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ඇරේබියන් බිස්නස්)


RECOMMEND POSTS