නිවාස 1,335 ගිනි අරගෙන



ඕමානයේ නිවාස එක්දහස් තුන්සිය තිස්පහක් 2018 වර්ෂයේ ගිනිගෙන ඇති බව එරට සිවිල් ආරක්ෂණ අධිකාරිය ප්‍රකාශ කළේ ය.

2017 වර්ෂයේ නිවස ගිනිගැනීම් 1,234ක්ද, 2016 දි 1,100ක් වාර්තා වී ඇති බව අධිකාරිය නිකුත් කළ වාර්තාවේ සඳහන් කර ඇත.

නිවාස තුල ඇති විදුලි රැහැන් නිසියාකාරව සවිනොකිරීම, රැහැන් දිගේ අධික විදුලි ප්‍රමාණයක් පැමිණීම, අනවශ්‍ය ආකාරයෙන් විදුලි උපකරණ දිගු වේලාවක් ක්‍රියාත්මක වීම, නඩුත්තු නොකිරීම සහ විදුලි උපකරණවල පවතින දෝෂ ගිනිගැනීම්වලට හේතු වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS