නිවසක කංසා වගා කරලා



අබුඩාබි නුවර අල්-අයින් නගරයේ නිවසක් තුල කංසා වගා කළ ආසියාතිකයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

නිවසේ කාමරයක් තුල තිබී කංසා පැළ තිස් හතක් (37) සොයා ගැනීමට අබුඩාබි පොලීසිය සමත් වී ඇත.

ආසියාතිකයන් දෙදෙනා කංසා පරිභෝජනය කර අලෙවි කරන බව පරීක්ෂණවලින් හෙළි වි ඇත.

නීතිවිරෝධි ක්‍රියා සම්බන්ධයෙන් 999 දුරකථන අංකය ඔස්සේ පොලීසිය දැණුවත් කරන ලෙස අබුඩාබි පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)

RECOMMEND POSTS