නිල සංචාරයකට කුවේට් එයි



විලියම් කුමරු නිල සංචාරයක් සඳහා දෙසැම්බර් 01 දින කුවේට් රාජ්‍යයට පැමිණ ඇති බව වාර්තා වේ.

කුවේට් අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍යවරුවන් වන ෂයික් අලි ජරා සහ ෂයික් මොහොමඩ් අබ්දුල්ලා අල්-මුබාරක් අල්-සභා ගුවන්තොටුපොලේදී ඉතා උණුසුම් ආකාරයෙන් කුමරුව පිළිගෙන ඇති අතර ඉහළ පෙලේ නිලධාරීන් හමු වී සාකච්ඡා කළ බව කුවේට් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.

කුවේට්-බ්‍රිතාන්‍ය මිත්‍රත්ව ගිවිසුම අත්සන් කිරීමේ 120 වන සංවත්සරය කුමරුගේ සංචාරය සමඟ යෙදී තිබීමද විශේෂත්වයකි.  කුවේට් සංචාරය නිමා කිරීමෙන් පසු විලියම් කුමරු ඕමාන් රාජ්‍යය බලා පිටත්ව යෑමට නියමිතව ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS