නිරිතදිග ඉරානයට භූමි කම්පාවක්



නිරිතදිග ඉරානයේ පළාත් රැසක් භූමි කම්පාවකින් කැලැඹිණි. භූමි කම්පාවේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 5.7 ක් සටහන් කළේය.

භූමි කම්පාවේ අපිකේන්ද්‍රය කුසෙස්තාන් පළාතෙන් වාර්තා වූ බවත් නිවාස කිහිපයකට හානි සිදුවුණු බවත් ඉරාන පුවත් සේවා වාර්තා කරයි.

ඉරානය පිහිටා ඇත්තේ භූ තැටි මායිමකට ඉහළින්ය. එහෙයින් භූමි කම්පා හට ගැනීම ස්වභාවිකය.

(රොයිටර්ස්)

 


RECOMMEND POSTS