නියමුවෙක් සිහිමූර්ජා වෙලා



පියාසර කරමින් තිබු ගුවන්යානයක ගුවන් නියමුවෙක් සිහිමූර්ජා වීම හේතුවෙන් හදිසියේ ගොඩබස්සවා ඇති බව වාර්තා වේ.

ගුවන් මඟීන් 300 රැගෙන අබුඩාබි ජාත්‍යන්තර ගුවන්තොටුපොලෙන් ගුවන්යානයඇම්ස්ටර්ඩෑම් නුවර බලා පියාසර කරමින් තිබෙන අතරතුර නියාමුවා සිහිමූර්ජා තත්ත්වයට පත් වී ඇත.

සහය නියමුවා කුවේට් අන්ත්ර්ජාතික ගුවන්තොටුපොලේ මෙහෙයුම් මැදිරියට අමතා ගොඩබැස්සවීමට අවසර ඉල්ලා ඇති අතර මෙහෙයුම් මැදිරිය අවසර ලබාදීමට කටයුතු කළ බව කුවේට් සිවිල් ගුවන්සේවා අධිකාරියේ නිලධාරියෙක් පැවසීය.

නියමුවා අල්-ෆර්වානියා රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති අතර ගුවන්යානය ඇම්ස්ටර්ඩෑම් නුවර බලා පියාසර කර ඇත.

ගුවන්යානය කුමන ගුවන් සමාගමකට අයත් එකක්ද යන්න පිළිබඳව සඳහන් කර නොමැත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, අල්-ෆර්වානියා නුවර)

RECOMMEND POSTS