නව පාසල් වාරයට සූදානම්



කුවේටයේ නව පාසල් වාරය අරම්භ කරන බව කුවේට් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.

සිසුන් 400,000ක් අන්තර්ජාලය හරහා සම්බන්ධ කර ගනිමින් නව පාසල් වාරය ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරයි.

කොරෝනා වසංගතය හේතුවෙන් කුවේටයේ පාසල් මාස හතකට වැඩි කාලයක් වසා ඇති අතර, දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට විශාල ලෙස බලපෑම් එල්ල වී ඇත.

සිසුන්ගේ පවුල්වල සමාජ හා මූල්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් අධ්‍යාපනය ලබාදෙන ආකාරය තීරණය කරන බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය, සවුඩ් අල් හර්බි පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS