නව ප්‍රභේදය ඉරානයටත් ගිහිල්ලා



එංගලන්තයෙන් පළමු වරට හඳුනාගත් ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයේ, නව ප්‍රභේදය ඉරානයට ද පැතිර ගොස් ඇතැයි වාර්තා වේ.

මැදපෙරදිග කලාපයේ ‘කොවිඞ් 19’ වයිරසයෙන් දරුණු ලෙස පීඩා විඳින රට ඉරානයයි. ඉරාන සෞඛ්‍ය අංශ පෙන්වා දෙන අන්දමට, එරට වැසියන් මුහුණ දෙන්නේ වයිරසයේ තෙවැනි රැල්ලටය.

එංගලන්තයේ නව වයිරස ප්‍රභේදය ඉරානයට ව්‍යාප්ත වී ඇත්තේ මහා බ්‍රිතාන්‍යයේ සිට ඉරානයට පැමිණි ඉරාන ජාතිකයන්ගෙන් යැයි ඉරාන සෞඛ්‍ය ඇමැති නයීඞ් නමාකී පවසා තිබේ.

‘අවාසනාවකට, එංගලන්තයේ නව ප්‍රභේදය අප රටට ආවා. වයිරසය ආසාදිතයා එංගලන්තවේ සිටි ආ ඉරාන වැසියෙක්. රජයට හිතවත් දේශපේ්්‍රමියෙක්. ඔහු පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබෙනවා. කෙසේ නමුත් ඔහුගේ පවුලේ ඥාතීන්ට එම නව ප්‍රභේදය පැතිරුණු බවක් පෙනෙන්න නැහැ’ යැයි නයීඞ් නමාකී රූපවාහිනියෙන් ජනතාව අමතමින් පැහැදිලි කළේය.

තෙහෙරාන්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS