නවසීලන්ත අගමැතිනියගේ රුව ඩුබායි නුවර වර්ණවත් කරයි



ඕස්ට්‍රේලියා වෙඩික්කරුවෙකු විසින් නවසීලන්තයේ කයිස්ච්ර්ච් හි මුස්ලිම් දේවස්ථානයක ආගමික කටයුතු වල නිරතව සිටි  ඉස්ලාම් බැතිමතුන් පනස් ⁣දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් එරට  අගමැතිනී ජසින්ඩා අර්ඩන් ගත් මානුෂිය කියාවලීන් ගැන ලොව පුරා වෙසෙන මිලියන 1.5 ඉස්ලාම් බැතිමතුන් ගේ සහ  සිය උත්තමාචාරය පළ කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගමැති සහ ඩුබායි පාලක අල් මොක්ටුම් 22 ඇයට සුවිශේෂී ගෞරවයක් දක්ව⁣ා ඇත.

එම අමානුෂික ඝාතනය සිදුවී අදට සතියක් ගතවීම නිමිත්තෙන් ඔවුන් සිහිපත් කිරීමට එරට පැවති ඉස්ලාම් අගාමික ⁣වැඩසටහනකට නවසීලන්ත අගමැතිනිය හිජාබයක් පැළද පැමිණියාය.ඊට දහස් සංඛ්‍යාත පිරිසක් එක්වූහ.

ඇය සමග ශෝකයට පත් ඉස්ලාම් බැතිමතුන් අමතා සංවේදි  කෙටි අදහසක් දක්වමින් කියා සිටියේ අපි සැවොම එකට සිටිනවා යන්නයි.

මෙලෙස නවසීලන්ත අගමැතිනියගේ මානුෂීය පියවරයන් අගයා එමීර අගමැති සහ ඩුබායි පාලකවරයා සිය ට්විටර් ගිනූමේ සටහනක්ද තැබූ සේම දැනට ලොව උසම ගොඩනැගිල්ල වන බර්ජ් කලීෆා හී ඇයගේ රුවින් අලෝකවත් කිරීමට පියවර ගෙන තිබුණි.

බර්ජ් කලීෆා ගොඩනැගිල්ල 22 රාත්‍රියේදී  නවසීලන්ත අගමැතිනිය අමානුෂික සිද්ධියට මුහුණ පාමින් ජීවිතය බේරා ගත් ඉස්ලාම් බැතිමතියක මහත් දායබරත්වය සනහාලන ඡායාරූපයෙන් දිස් විණි.එය ඩුබායි වෙසෙන සියලු දෙනා සංවේදී කර වූ අවස්ථාවක්ද විණි.

( තිළිණි ද සිල්වා) 
ගල්ෆ් නිව්ස් ඇසුරෙනි .

RECOMMEND POSTS