නවසීලන්තයේ ඝාතන කළ අන්තවාදියා ගැන පරීක්ෂණ



නවසීලන්තයේ මුස්ලිම් පල්ලි දෙකට කඩා වැදී වෙඩි තබා ඝාතන සිදු කළ  බ්‍රැන්ටන් ටැරැන්ට්, අවස්ථා දෙකකදී තුර්කියේ සංචාර සඳහා පැමිණ ඇති බවත්, තම ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ ඒ ගැන පරීක්ෂණයක් ආරම්භ කළ බවත් තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් කියයි.

අතීතයේ ඔටෝමාන් අධිරාජ්‍යය පැවැති සමයේ යුරෝපා රටවලට එල්ලවුණු මුස්ලිම් ආක්‍රමණ සම්බන්ධයෙන් බ්‍රැන්ටන් ටැරැන්ට් හොඳින් හදාරා ඇති අතර, ඔහු තුර්කියේ පමණක් නොව යුරෝපයේ බෝල්කන් පළාතේත් සංචාරය කර ඇති බවත් මේ වනවිට අනාවරණය වී ඇත.

අන්කාරාහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS