ධාරිතාව වැඩි කිරීමට සැලසුම්



 
ඉරානය තම බැලැස්ටික් සහ කෲස් මිසයිල ධාරිතාව වැඩි කිරීමට සැලසුම් කර ඇතැයි එරට නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා උපුටා දක්වමින් අයි.ආර්.එන්.ඒ පුවත් සේවය වාර්තා කළේය.
 
ඊට අමතරව ඉරානය නව ප්‍රහාරක ගුවන් යානා සහ සබ්මැරීන අත්පත් කරගැනීමට ද සැලසුම් කර ඇතැයි ද එරට රාජ්‍ය පුවත් සේවය වන අයි.ආර්.එන්.ඒ සඳහන් කළේය.
 
“බැලැස්ටික් සහ කෲස් මිසයිල ධාරිතාව වැඩි කිරීම, නව පරම්පරාවේ ප්‍රහාරක ගුවන් යානා, විවිධ ආයුද සහිත විශාල සහ දිගු දුර යානා සහ සබ්මැරීන අත්පත් කරගැනීම යනාදිය අමාත්‍යාංශයේ නව සැලැසුම් අතර තිබෙනවා” යනුවෙන් ජාත්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය මොහොමද් අහදි උපුටා දක්වමින් අයි.ආර්.එන්.ඒ පුවත් සේවය තවදුරටත් වාර්තා කළේය. 
 
හර්ෂණ තුෂාර සිල්වා
රොයිටර්

RECOMMEND POSTS