දෙවැනි රැල්ලට සූදානම්



කුවේට් රාජ්‍යය කොරෝනා දෙවැනි රැල්ලට සූදානම් වන බව කුවේට් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරනවා.

තම වෛද්‍ය කාර්ය මණ්ඩලවලට සහය වීම සඳහා විදේශීය රටවල වෛද්‍ය සේවකයින් බඳවා ගැනීමට කුවේටය සැළසුම් කරන බව වාර්තා වේ.

දැඩි සත්කාර ඒකකවල සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහ හෙදියන්ගේ සේවය ලබාගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.

මේ වන විට කොරෝනා ආසාදිතයන් 84,224 ක් සහ රෝගයෙන් මරණ 528 ක් වාර්තා වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)          

RECOMMEND POSTS