දෙවන මාත්‍රාව මාස 3 කින් කල්දමයි



කුවේටය කොරෝනා වෛසර එරෙහිව ලබාදෙන ඔක්ස්ෆර්ඩ් එන්නතෙහි දෙවන මාත්‍රාව ලබාදීම මාස තුනකින් ප්‍රමාද කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

දෙවන මාත්‍රාව ප්‍රමාද වීමත් සමඟ එන්නතෙහි ඵලදායීතාවය ඉහළ යන බව කුවේට් සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කරනවා.

ෆයිසර් එන්නතෙහි පළමු මාත්‍රාව ලබා ගත් අයට ප්‍රමාදයකින් තොරව දින 21 ත් 28 ත් අතර කාල සීමාවකට පසු නියමිත වේලාවට දෙවන මාත්‍රාව (බූස්ටරය) ලබා දෙන බව කුවේට් සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS