දුර්ලභ දිවි පැටවු දෙදෙනෙක්
ඉතා දුර්ලභ වර්ගයේ අරාබි දිවි පැටවු දෙදෙනෙක් උපත ලබා ඇති බව සෞදි අරාබියේ අල්-උලා රාජකීය කොමිසම පවසයි.
පැටව් දෙදෙනා වයඹ දිගසෞදි අරාබියේ ටයිෆ් නගරයේ සවුඩ් අල්-ෆයිසාල් කුමරු වනජීවි පරියේෂණ මධ්‍යස්ථානයේ 2019 අප්‍රේල් 26 දින උපත ලබා ඇත.
ගැහැණු සහ පිරිමි සතුන් වශයෙන්පැටව් දෙදෙනා උපත ලබා ඇති අතර සති 12ක අවධානම් කාලයකින් පසු එන්නත් ලබාදීමට පශූ වෛද්‍යවරුන් කටයුතු කර ඇත.
අරාබි දිවියන් වඳවීයෑමේ තර්ජනයට ලක්ව සිටින අධි-සංවේදි සත්ව කාණ්ඩ අතරින් පෙරමුණේ පසුවන අතර අභිජනන වැඩසටහන් මඟීන් වැඩි සතුන් සංඛ්‍යාවක් වනයට මුදාහැරීමට රාජකීය කොමිසම කටයුතු කරමින් සිටියි.
පැටව් දෙදෙනා උපත ලැබීම අරාබි දිවියන් අභිජනන වැඩසටහනේ ඉතා තීරණාත්මක සන්ධිස්ථානයක් ලෙස සලකන බව රාජකීය කොමිසමේ අධ්යක්ෂවරයා ප්‍රකාශ කළේ ය.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ටයිෆ් නගරය)