දුරකථන භාවිතා කළොත් ඩිරාම් 800ක්



මෝටර් රථ ධාවනය කරමින් ජංගම දුරකථන භාවිතා කරන රියදුරන්ට ඩිරාම් 800ක දඩයක් අබුඩාබි පොලීසිය නියම කරන බව වාර්තා වේ.

රියදුරන්ගේ සහ මාර්ග භාවිතා කරන්නන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා අදාල පියවර ගත් බව අබුඩාබි පොලීසිය නිවේදනය කළේ ය.

මෝටර් රථ ධාවනය කරමින් ජංගම දුරකථනයෙන් ක්‍රීඩා කිරීම සුලභ දෙයක් බවට පත් වී ඇති අතර භයානක අනතුරුවලට හේතුවක් වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)

RECOMMEND POSTS