දිනපතා දඩ ගෙවන්න වෙයි



කුවේට් නේවාසික බලපත්‍ර කල් ඉකුත් වු දිනයේ සිට ඩිනාර් 02 බැගින් දිනකට ගෙවිය යුතු බව වාර්තා වේ.

2020 සැප්තැම්බර් 01 දින සිට නේවාසික බලපත්‍ර කල් ඉකුත් වන විදේශ ශ්‍රමිකයන්ට අදාල දඩ මුදල ගෙවීමට සිදු වේ.

නේවාසික බලපත්‍ර අලුත් කරගැනීම සඳහා 2020 නොවැම්බර් 30 දක්වා ලබා දී ඇති කාලසීමාව ඔවුන්ට අදාල නොවන බව නේවාසික කටයුතු පිළිබඳ දෙපාර්තුමේන්තුව ප්‍රකාශ කරනවා.  

2020 ජුනි මස අග සිට අයදුම්පත් සැකසීම ආරම්භ කළ බවත්, නේවාසික වීසා බලපත්‍ර අළුත් නොකර සිටීමට කිසිදු හේතුවක් නොමැති බව නේවාසික කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.  

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS