දිගම ජාතික කොඩිය කුවේටයෙන්



කුවේටය ලෝකයේ දිගම ජාතික කොඩිය නිර්මාණය කිරීමට සැරසෙයි.

58 වන ජාතික දිනය, 18 වන විමුක්ති දිනය සහ කුවේට් අමීර්,ෂෙයික් සාබා අල් අහමඩ් අල්-ජිබර් අල්-සබා

බලයට පත් වීමේ 13 වන සංවත්සරයට සමගාමීව දිගම ජාතික කොඩිය ප්‍රදර්ශනය කරන බවත් ලෝකයේ දිගම ජාතික කොඩිය කුවේටයේ නිර්මාණය කරමින් ලෝක වාර්තාවක් පිහිටු වන බව කුවේට් අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන අධ්‍යක්ෂ,මුබාරක් අල් කබීර් ප්‍රකාශ කළේ ය.

නිර්මාණය කරන ජාතික කොඩියේ දිග මීටර් 2,019ක් වන අතර පාසල් සිසුන් සහ ගුරුවරුන් 4,000කට වැඩි සංඛ්‍යාවක් ජාතික කොඩිය ප්‍රදර්ශනය කිරීමේ උත්සවයට සහභාගි වන බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)


RECOMMEND POSTS