දැඩි ක්‍රියාමාර්ග අවශ්‍යයි: සෞදි රජු



ත්‍රස්ත ප්‍රහාර නැවැත්වීම සඳහා දැඩි ක්‍රියා මාර්ග ගන්නා ලෙස සෞදි රජුජාත්‍යන්තර ප්‍රජාව ගෙන් ඉල්ලා සිටියි.

සිය භූමිය ආරක්ෂා කරගැනීමට ගත හැකි සියළුම ආරක්ෂිත ක්‍රියාමාර්ගයන් ගන්නා බව සෞදි රජු කැබිනට් මණ්ඩලය අමතමින් ප්‍රකාශ කර ඇත.

සෞදි අරාබියට එල්ල වන ඕනෑම ත්‍රස්ත ප්‍රහාරයකට සාර්ථකව මුහුණදීමට හැකියාව තිබෙන බවත්, ප්‍රහාර නැවැත්වීම සඳහා ලෝක නායකයන් එකතු වී දැඩි ක්‍රියාමාර්ගයන් ගත යුතු බව සෞදි රජු අවධාරණය කර ඇත.

සෞදි අරාබියට පසුගියදා එල්ල කරන ලද ඩ්‍රෝන් ප්‍රහාරයත් සමඟ ගෝලීය තෙල් සැපයුම සියයට පහක ප්‍රමාණයක් පහත වැටි ඇත.

 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)


RECOMMEND POSTS