දඩුවමට විකල්පයක් එයි



සෞදි අරාබිය සුළු අපරාධ සම්බන්ධයෙන් වැරදිකරුවන් වන පුද්ගලයන්ට විකල්පයක් හඳුන්වාදීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

සිරකරුවන් බන්ධනාගාර සිරමැදිරි තුල වැඩි කාලයක් තැබීම වෙනුවට සමාජයට වැඩදායි කාර්යයක යෙදවීමට සෞදි බන්ධනාගාර දෙපාර්තුමේන්තුව පියවර ගනිමින් සිටින බව බන්ධනාගාර අධ්‍යක්ෂ, මේජර් ජෙනරාල් මොහොමඩ් අල්-අස්මාරි ප්‍රකාශ කළේ ය.

සිරකරුවන්ට ඉලෙක්ට්‍රෝනික් පළඳනාවක් පළඳවන අතර බන්ධනාගාර නිලධාරීන්ට සිරකරුවන්ගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමට හැකියාව ලැබෙයි.

විකල්ප දඬුවම් පිළිබඳ කෙටුම්පතටඅනුමැතිය ලබාගැනීම සඳහා සෞදි කැබිනට් මණ්ඩලයට සම්බන්ධ විශේෂඥ කමිටුවක් වෙත ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තුමේන්තුව කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS