තෙල් පිරිපහදුවකට මිසයිල ප්‍රහාර



තුර්කි දේශසීමාව අසල සිරියාවේ, තෙල් පිරිපහසුවකට මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල විය. ප්‍රහාර හේතුවෙන් පිරිපහදුවේ විශාල ගින්නක් ද හටගත්තේය.

අල් ජසීරා පුවත් සේවය වාර්තා කරන අන්දමට පිරිපහදුවේ සේවය කළ එක් සේවකයෙක් ජීවිතක්ෂයට පත් වී ඇත. කිහිප දෙනකු තුවාල ලැබූ බව ද වාර්තා වේ.

පිරිපහදුව පිහිටා ඇත්තේ අල් බාබ් සහ ජරාබ්ලුස් යන නගර අතරය. ප්‍රහාර හේතුවෙන් පිරිපහදුවේ හටගත් ගින්න පාලනය කිරීම අසීරු කටයුත්තක් වී ඇතැයි ද වාර්තා වේ.

සිරියානු අර්බුදයේ දී සිරියානු රජයට රුසියාවේ සහාය ලැබෙන අතර, සිරියානු දේශපාලන කණ්ඩායම්වලට තුර්කියේ සහාය හිමිවෙයි. තුර්කි දේශසීමා අසල සිරියානු ප්‍රදේශ බොහොමයක් පවතින්නේ තුර්කි හමුදා ආරක්ෂාවක් යටතේය.

(අල් ජසීරා)


RECOMMEND POSTS