තුර්කි සෙබළු 4 ක් මරුට



සිරියානු රජයේ හමුදා එල්ල කළ ෂෙල් වෙඩි ප්‍රහාරයකින්, සිරියාවේ ඉඞ්ලිබ් පළාතේ සිටින තුර්කි සොල්දාදුවෝ සිවුදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

අද (3) එල්ල වුණු එම ෂෙල් වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ තුර්කි සොල්දාදුවන් ගණන 9 ක් යැයි තුර්කි ආරක්ෂක අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

සිරියානු රජයට එරෙහිව සටන් වදින සන්නද්ධ විපක්ෂ දේශපාලන ක්‍රියාකාරීන්ගේ අවසන් බලකොටුව ලෙස සැලකෙන්නේ ඉඞ්ලිබ් පළාතය. තුර්කියේ සහාය හිමිවන්නේ මෙම සිරියානු විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලටය. තුර්කිය සිරියාවේ අසල්වැසියෙකි.

තම සොල්දාදුවන් ඉලක්ක කර ගනිමින් සිරියානු රජයේ හමුදා එල්ල කළ එම ප්‍රහාරය සම්බන්ධයෙන් තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් සිරියානු රජයට විරෝධය පළ කර ඇත.

ඩමැස්කස්හිදීය (අල් ජසීරා)


RECOMMEND POSTS