තුර්කි ජනපති සෞදියේ නිල සංචාරයක !



කලාපීය සබඳතා තහවුරු කර ගැනීම හා සිරියා සාම සාකච්ඡා වලට  සෞදි සහාය ගැනීමට වෙනුවෙන් තුර්කි ජනාධිපති ටායිප් එගොඩාන්  සෞදියේ නිල සංචාරයක් සඳහා ඉකුත් අඟහරුවාදා  රියාද් නුවරට පැමිණියේය.

සිරියාවේ සාම සාකච්ඡා වෙනුවෙන් කලාපීය සහයෝගීතාවය ලබා ගැනීම වෙනුවෙන් සිදු කර මෙම සෞදි නිල සංචාරයේදී තුර්කි ජනාධිපතිවරයා පෙරේදා (14)  සෞදියේ පාලක සල්මන් රජතුමන් හමුවී සාකච්ඡා පවත්වා ඇත.

ගෞරව ආචාර මැද සෞදි රජතුමන් විසින් තුර්කි ජනාධිපතිවරයා පිළිගෙන ඇති අතර එහිදී සුන්නි මුස්ලිම් බහුතර බලයක් සහිත රාජ්‍යයන් දෙකක් ලෙස තුර්කිය හා සෞදිය අතර ද්විපාර්ශවික සබඳතා පැවැත්වීමේ අවශ්‍යතාවය සාකච්ඡාවට ලක් වී ඇත.

මෙම හමුවෙන් පසුව තුර්කි ජනාධිපතිවරයා එරට ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් නයේෆ් ,එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍ය සහ නියෝජ්‍ය ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මන් හමු විය.

 

( තිළිණි ද සිල්වා )
ගල්ෆ් නිව්ස් ඇසුරෙනි......


RECOMMEND POSTS