තුර්කි ජනපති කටාර් රාජ්‍යයේ



තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්, කටාරයට පැමිණ කටාර් එමීර් ෂෙයික් තමීම් බින් හමාද් අල් තානී හමුවී ද්වී පාර්ශ්වීය සබඳතා ශක්තිමත් කර ගත්තේය.

සෞදිය, බහරේනය, ඊජිප්තුව සහ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය කටාර් රාජ්‍යයට සම්බාධක පනවා හුදෙකලා කිරීමෙන් පසු, එම සම්බාධකවලට මුහුණ දෙමින් කටාරයට නොසැලී සිටීමට උදව් කළ රටවල් දෙකෙන් එකක් වන්නේ තුර්කියයි. අනෙක් රට ඉරානයයි.

ද්වී පාර්ශීවය සබඳතා ශක්තිමත් කර ගැනීම පමණක් නොව, කටාර් රාජ්‍යයට පිටුවහල් වී ජීවත් වන පලස්තීන ෆාටා සාමාජික මොහොමද් දහ්ලාන් අත්අඩංගුවට ගැනීමට තුර්කිය අපේක්ෂා කරයි. ඒ සම්බන්ධයෙන් තුර්කි ජනපති සහ කටාර් එමීර්වරයා අතරේ සාකච්ඡා පැවැත්විණි.

2016 දී තුර්කි ජනාධිපති එර්දොවාන් බලයෙන් නෙරපීමට කළ හමුදා කුමන්ත්‍රණයට 58 හැවිරිදි මොහොමද් දහ්ලාන් සහාය දී ඇත. ඒ කුලී හේවායකු වශයෙනි.

2016 පැවැති හමුදා කුමන්ත්‍රණය අසාර්ථක විය. ඒ, ජනතාව වීදි බැස ජනපති එර්දොවාන්ට සහාය පළ කිරීමත් සමඟය. මොහොමද් දහ්ලාන් අත්අඩංගුවට ගැනීමට තොරතුරක් ලබා දෙන අයකුට ලීරා මිලියන 4 ක් (ඇමෙරිකන් ඩොලර් ලක්ෂ 7) ලබා දෙන බව තුර්කි රජය නිවේදනය කර ඇතැයි ද විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

අන්කාරාහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS