තුර්කි ජනපතිට අන්කාරා - ඉස්තාන්බුල් අහිමිවෙයි



තුර්කි පළාත් පාලන සහ නගරාධිපති මැතිවරණයේ ප්‍රතිඵල අනුව, අන්කාරා අගනුවරත්, ආර්ථික අගනුවර ලෙස සැලකෙන ඉස්තාන්බුල් නුවරත් තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ ‘යුක්තිය හා සාධාරණ’ පක්ෂයට අහිමි විය.

මෙය ජනාධිපතිවරයා සහ ඔහුගේ පක්ෂය ලැබූ පසුබෑමක් බව පැවැසෙයි. කෙසේ නමුත් සෙසු පළාත් සහ නගර පහසුවෙන් ජය ගැනීමටත් විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලට බලය පෙන්වීමටත් ‘යුක්තිය හා සාධාරණ’ පක්ෂය සමත් වී ඇති බව පැවැසෙයි.

තුර්කියේ විපක්ෂ දේශපාලන කණ්ඩායම වන්නේ ජනතා පක්ෂයයි. ඊට නායකත්වය දෙන්නේ හිටලු අගමැතිවරයකු වන බිනාලි යිල්ඩි්‍රම්ය.

(අල් ජසීරා)


RECOMMEND POSTS