තුර්කියේ ගොඩනැගිල්ලක් කඩා වැටේ



තුර්කියේ ඉස්තාන්බුල් නුවර මහල් අටකින් සමන්විත ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 20 කි.

තුවාල ලැබූවන් අතර කුඩා දරුවන් කිහිප දෙනකු ද සිටින බව පැවැසෙයි. සුන්බුන් ඉවත් කරමින්, සුන්බුන් අතර සිරවුණු පිරිස් මුදා ගැනීමේ මෙහෙයුම් තවමත් සිදුවෙමින් පවතින බව තුර්කි පුවත් සේවා වාර්තා කරයි.

ගොඩනැගිල්ල කඩා වැටී ඇත්තේ එය නිසි ප්‍රමිතියට ඉදි නොකළ නිසා යැයි චෝදනා එල්ල වෙමින් පවතී.

ඉස්තාන්බුල්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS