තුර්කියත් ග්‍රීසියත් අතර අර්බුදයක්



ලෝක උරුමයක් ද වන හගියා සොෆියා කෞතුකාගාරය මුස්ලිම් පල්ලියක් ලෙස නම් කිරීම සම්බන්ධයෙන්, තුර්කියත් ග්‍රීසියත් අතරේ අර්බුදයක් නිර්මාණය වී ඇත.

පසුගිය සිකුරාදා දිනයේ ඉස්තාන්බුල් නුවර පිහිටි හගියා සොෆියා මුස්ලිම් පල්ලියේ දේව මෙහෙයක් පැවැත්විණි. ඒ, වසර 90 කට පසුවය. පසුගිය සිකුරාදා (24) දේව මෙහෙය පැවැත්වීම සිදුවූයේ ඇතුළත ඇති ජේසුතුමන්ගේත් මරියා මවු තුමියගේත් පිළිරු ආවරණය කරමිණි.

පුරාණයේ හගියා සොෆියා ග්‍රීක කිතුනුවන්ගේ මැදිහත්වීමෙන් ඉදි කළ දේවස්ථානයන් විය. මුස්ලිම් ඔටෝමාන් අධිරාජ්‍ය සමයේ දී එය මුස්ලිම් පල්ලියක් ලෙස භාවිතයට ගැණින.

පසුව එය කෞතුකාගාරයක් ලෙස නම් කෙරුණු අතර, යුනෙස්කෝ ලෝක උරුමයක්  බවට පත් කෙරුණු අතර, ඉස්ලාම් බැතිමතුන්ගේත් කිතුනු බැතිමතුන්ගේත් සංචාරක ආකර්ශණයක් විය.

හගියා සොෆියා කෞතුකාගාරය මුස්ලිම් පල්ලියක් බවට පත් වූයේ තුර්කි අධිකරණයක් ලබා දුන් තීන්දුවකට අනුවය. අධිකරණය ලබා දුන් මෙම තීන්දුව පාප්තුමන්ගේ පවා අප්‍රසාදයට හේතුවක් වී තිබේ.

ඉස්තාන්බුල්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS