තානාපති කාර්යාලය අනතුරු අඟවයි



ඉතාලියේ ජීවත් වන සහ සංචාරයේ නිරතවසිටින සෞදි ජාතිකයන්ට අනතුරු අඟවමින් සෞදි තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරයි.

කොරෝනා වෛරසයෙන් (COVID-19) බලපෑමට ලක්ව ඇති නගරවලට සහ පළාත්වලට යාමෙන් වළකින ලෙසත්, අත්‍යාවශ්‍ය කාරණයකට පමණක් නිවසින් බැහැරව යන ලෙස තනාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් කර ඇත.

ඉතාලියේ සෞඛ්‍ය බලධාරීන් නිකුත් කරනු ලබන උපදෙස් නිසියාකාරව පිළිපදින ලෙසත්, සැමවිටම රෝගය පිළිබඳව දැණුවත් වන ලෙසත්, හදිසි අවස්ථාවකදී සෞදි තානාපති කාර්යාලයේ සහය ලබාගන්නා ලෙස සියළුම සෞදි ජාතිකයන්ගෙන් තානාපති කාර්යාලය ඉල්ලා සිටියි.

ඉතාලි රජය මේ වන විට කොරෝනා (COVID-19) රෝගීන් 100 කට වැඩි සංඛ්‍යාවක් සහ මරණ 4 ක් ප්‍රකාශයට පත් කර තිබේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS