තහනමෙන් පසු නැවතත් පහසුකම්



හජ් වන්දනාකරුවන්ට ලියාපදිංචි වීමට ලබා දී තිබු වෙබ් අඩවියකටාර් රජයතහනම් කිරීමෙන් පසු වෙනත් වෙබ් අඩවියක් සෞදි රජය කටාර් ජාතිකයන්ට ලබාදී ඇත.

qatar1440.haj.gov.sa වෙබ් ලිපිනය හරහා කටාර් ජාතිකයන්ට හජ් වන්දනාව සඳහා ලියාපදිංචි විය හැක. 

හජ් වන්දනාව දේශපාලනීකරණය කර නොගන්නා ලෙසත්, කටාර් ජාතිකයන්ට අවශ්‍ය පහසුකම් සලසා දෙන මෙන් සෞදි හජ් සහ උම්රා අමාත්‍යාංශය කටාර් රජයෙන් ඉල්ලීමක් කර ඇත.

සෞදි රජු, සල්මාන් බින් අබ්දුල්ලාසිස් අල්-සවුඩ්ගේ නියෝග පරිදි හජ් වන්දනාවට පැමිණෙන කටාර් ජාතිකයන්ට දිගටම පහසුකම් සපයන බව අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS