තවත් සම්බාධක දානවා



අත්අඩංගුවට ගනු ලැබ සිටින ඇමෙරිකන් පූජකවරයා කඩිනමින් නිදහස් නොකරන්නේ නම්, තුර්කියට තවත් සම්බාධක පැනවීමට පියවර ගන්නා බවට ඇමෙරිකාව අනතුරු අඟවා තිබේ.

ඇමෙරිකාව මේ වනවිටත් තුර්කියට සම්බාධක පනවා ඇති අතර, එම හේතුව නිසා තුර්කි ආර්ථිකයට බලපෑම් එල්ල වී ඇත.

ඇමෙරිකාව දිගින් දිගටම තුර්කියට බලකර සිටින්නේ, අත්අඩංගුවට ගෙන සිටින පූජකවරයා බ්‍රන්සන් නිදහස් කරන ලෙසය.

තුර්කි ආරක්ෂක අංශ මෙම පූජකවරයා අත්අඩංගුවට ගෙන රඳවා ගෙන සිටින්නේ වසර දෙකක කාලයක් තිස්සේය. ඒ, 2016 වසරේ දී තුර්කි ජනාධිපතිවරයාට එරෙහිව සිදුවුණු අසාර්ථක හමුදා කුමන්ත්‍රණයට හවුල් වුණැයි කියාය.

(රොයිටර්)


RECOMMEND POSTS