තරග නරඹන්න එන තරුණියන්ට තහංචි එපා



ඉරානයේ පැවැත්වෙන පාපන්දු තරග කිසිදු තහංචියකින් තොරව නැරැඹීමට ඉරාන කාන්තාවන්ට එරට රජය අවසර දී ඇතැයි වාර්තා වේ.

ඉරාන රජය පාපන්දුලෝලී කාන්තාවන් සම්බන්ධයෙන් මෙසේ විශේෂ අවසරයක් ලබා දී ඇත්තේ ලෝක පාපන්දු සම්මේලනයෙන් ඉරාන රජයට එල්ල වූ බලපෑම් හේතුවෙනි.

පාපන්දු ඉරානයේ ප්‍රචලිත ක්‍රීඩාවකි. ඉස්ලාමීය විප්ලවයෙන් පසු, ගතවුණු වසර 40 පුරාවට පාපන්දු ක්‍රීඩාංගනවලට ගොස් තරග නැරැඹීමට අවසර හිමිවී තිබුණේ පිරිමින්ට පමණි.

හෙට (10) ඉරාන පාපන්දු කණ්ඩායම සහ කාම්බෝජ පාපන්දු කණ්ඩායම අතර තරගයක් පැවැත්වෙයි. 2020 පාපන්දු ලෝක කුසලාන තරගාවලියට ඉදිරිපත් විය හැක්කේ අද දින තෙහෙරාන් අගනුවර අසාදි ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයෙන් ජයග්‍රහණය කරන කණ්ඩායමය.

මෙම පාපන්දු තරගය නැරැඹීමට කාන්තාවන්ට කිසිදු බාධාවක් නොමැති බව ඉරාන රජය නිවේදනය කිරීමත් සමඟ කාන්තා පාපන්දුලෝලීන් බොහෝ දෙනකු ලහිලහියේ ප්‍රවේශපත් ලබාගත් බව ඉරාන මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ.

(රොයිටර්ස්)


RECOMMEND POSTS