තනි ගාස්තුවක් අයකරයි



හජ්, උම්රා සහ පිවිසුම් සංචාරක වීසා සඳහා තනි ගාස්තුවක් අයකිරීමට සෞදි බලධාරීන් සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ.

සියළුම වීසා සඳහා සෞදි රියාල් 300ක මුදලක් අයකිරීමට දැනට යෝජනා වී ඇත.

හජ්, උම්රා සහ පිවිසුම් සංචාරක වීසා ප්‍රතිව්‍යුහගත කරන ලෙසත්, වෙන් වෙන් වශයෙන් ගාස්තු අය නොකරන ලෙස සෞදි රජු, සල්මාන් බින් අබ්දුලාසීස් අල්-සවුඩ් නියෝගය කර ඇත.

නව ක්‍රමවේදය යටතේ, 2030 වනවිට උම්රා වන්දනාකරුවන් මිලියන 30ක් සෞදි අරාබියට ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වන බව හජ් උම්රා අමාත්‍ය, ආචාර්ය මුහම්මද් සාලේ බෙන්ටන් පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS